Colombo Today Local News

ප්‍රභාකරන් සැමරෑ අයට ආණ්ඩුවෙන් විසුමක් නැතිවෙයි.. අල්ලා හිරේ දාන්න සොයයි !!

හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බවයි.

ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශීවාජිලිංගම් ඇතුළු පිරිසක් ප්‍රභාකරන්ගේ රුව පසුබිමේ තබා ගනිමින් කේක් කපා ඔහුගේ උපන් දිනය සමරන ඡායාරූප අන්තර්ජාලයේ පලවී තිබුණු අතර, ඊයේ දිනයේ යාපනය විශ්ව විද්‍යාලය පුරා ප්‍රභාකරන්ගේ රුව සහිත පොස්ටර් අලවා තිබිණි. මහවිරු සමරුවක්ද එහි සංවිධානය කර තිබිණි.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුවට ගල් ගහන එජාප ඇමතිලාට නීතීඥ සංගමයෙන් පිළිතුරු !

colombotoday

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

Admin

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday