Colombo Today Local News

“හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලයත් එජාපයට දිය යුතුයි” – අගමැති

හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ කොළොන්නාව එජාප ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසිය.

”ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමට නම් ගමේ බලයත් එක්සත් ජාතික පක්‍ෂයට ලබාදිය යුතු බව මම පළමුවෙන් කියන්න කැමැතියි”.

2015 ජනවාරි 08 වනදා රාජපක්‍ෂ රෙජිමයේ පාලනය අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ හරහා රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය වුණු අතර, රටේ පුරවැසියාට පවතින ආණ්ඩුව විවේචනය කරමින් ජීවත්වීමේ නිදහසද හිමි වුණා.

අතීතයේදී මානව හිමිකම් නොමැති රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කොන් කර තිබුණා. ජනතාව තලා පෙලා පාගා දැමූ රටක් ලෙසයි එදා ශ්‍රී ලංකාව හැදින් වූයේ. වෛරයෙන්, ආගම් භේදයෙන්, ජාති භේදයෙන් මේ රටේ දේශපාලනය පිරී තිබුණා.

වංචනික දේශපාලනඥයන්ට මුදල් හම්බකර ගැනීමේ උවමනාව වෙනුවෙන් රටේ සම්පත් විකුණා දැමුවා. රාජපක්‍ෂ රෙජිමය රටේ අනාගතය විනාශ කළා.

එවිට රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන අභිමානය කුමක්ද? ජාත්‍යන්තරයේ බොහෝදෙනා එදා නැඟූ ප්‍රශ්නය වූයේ “මේ රට පාලනය කරන්නේ කවුද?” යන්නයි. ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය විනාශ කරමින් මේ රට තුළ රාජපක්‍ෂ අභිමානය නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කළා.

හෙළයන් ණයකාරයන් බවට පත් කළේ රාජපක්‍ෂ රෙජිමයයි. මේ ණය බර ඔබේ හිස මතට පටවමින් ජනතාවගේ පසුම්බිය හිස් කළේ රාජපක්‍ෂ රෙජිමයයි. නමුත් අපේ අරමුණ වන්නේ මෙම රුපියල් කෝටි ලක්‍ෂ 3 ක ණය මුදල ගෙවා දැමීමයි. ශ්‍රී ලංකාව අභිමානවත් ජාතියක් නම් ලබාගත් ණය පියවීමේ ශක්තිය ද තිබිය යුතුයි. එවැනි ශක්තියකින් යුතු හෙළයන් පිරිසක් නිර්මාණය කිරීම අපේ කාර්යවී තිබෙනවා. රාජපක්‍ෂ හෙළුවෙන් තැබූ ශ්‍රී ලංකාවේ හෙළයන්ට නැවතත් අභිමානයක් ගෙන දීමට අප කටයුතු කරනවා.

Related posts

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

colombotoday

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

හම්බන්තොට වරාය හෙට චීනයට.. මත්තල ගැනත් තීරණයක් ගනී !

colombotoday