Colombo Today Local News

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 04 වන දා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවේ ය.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ, ඡන්ද දායකයින් 06දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුනේ ෆයිසර් මුස්තාපා ඇමතිවරයාගේම කනිෂ්ඨ නීතීඥයෙකු ලෙස කටයුතු කළ නීතීඥයෙකු විසින් බව මාධ්‍ය අනාවරණය කර තිබුණු අතර, එය පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ කූට උත්සාහයක් විය හැකි බවද නීති ක්ෂේත්‍රයේ කතා බහට ලක්විණි.

Related posts

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

colombotoday

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday