දෙමල ජනතාව ඒකීය රාජ්‍යයකට කැමති යයි පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය යයි දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ වවුනියාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකාවට ඒකීය රාජ්‍ය පාලනයක් සුදුසු නැතැයි ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ පැහැදිළිවම සදහන් කර ඇති බවත්, ඒ පිළිබදව නිවැරදිව ජනතාව දැනුවත් නොකර ඇතැමුන් සාවදය ප්‍රචාර යෙනයන බවත් ඔහු එහිදී කියා සිටියේය.
ව්‍යවස්ථා අතුරු වාර්තාවේ සදහන් බොහෝ කරුණු දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්තිවලට එකග නිසා ඊට තම පක්‍ෂයේ පූර්ණ සහාය දෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.