Colombo Today Local News

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

ඉන්ධන පිරවුම්හරල් වෙත ගෙන යන පෙට්‍රල් වලට බවුසරය තුලදීම භූමිතෙල් කලවම් කරන මා පරිමාණ ජාවාරමක් කොටු කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අද (13) සමත්විය.

ගලේවෙල මකුළුගස් වැව ප්‍රදේශයේ අතහැර දමා ඇති කළුගල් වලක බව්සර් රථය සගවා ඒ තුළට භූමිතෙල් පුරවමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියැදුරු සහ රිය සහයක ඉන්ධන බවුසරයෙන් පැට්රල් ලීටර් සියයකට අධික ප්‍රමාණයක් පිටතට ඇද බූලි සහ බැරල් වලට පුරවා තිබුනි. බවුසරයෙන් ඉවත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරි යකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් ඉන්ධන බවුසරයට පිරවීම සිදු කර ඇත.

ඉන්ධන බවුසරයේ රියැදුරු, රිය සහයක සහ භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථය ද එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇති මෙම බව්සරය ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ්ට අයත් එකක් බවට අනාවරණය කරගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දෙවන කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්. රණතුංග හතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් වැටලීම සිදුකළේය.

Related posts

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

Admin

කාන්තාවන්ට පොලු මුගුරුවලින් තඩි බෑ ක්‍රයිම් OICට වැඩ වරදී

colombotoday

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

colombotoday

ඉන්දීය යුධ හමුදාපති දිවයිනට

colombotoday

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් 7කට නිදහස

colombotoday

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday