Colombo Today Local News

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

මියන්මාර ආධ්‍යාත්මික නායක 969 සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය අශින් විරාතු හිමිපාණන් වහන්සේගේ ආරාධනාවකට අනුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු නියෝජිත පිරිසක් මේ දිනවල මියන්මාරයේ සංචාරයක නිරතව සිටී.

සිකුරාදා රාත්‍රියේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිස නවාතැන්ගෙන සිටි මැන්ඩලේ නගරයේ හෝටලය වටකර සිය ගණනක ආරක්ෂක බලඇණියක් හදියේ යොදවා ඇත. මෙලෙස ඥාණසාර හිමියන් ඇතුළු පිරිසට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන්නේ, බොදුබල සේනා හෝ 969 සංවිධානයේ ඉල්ලීමකින් තොරව බවද පැවසේ.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි විරාතු හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් දන්වා ඇත්තේ හමුදා ආරක්ෂාව අවශ්‍ය නොවන බවත්, ඥාණසාර හිමි ඇතුළු පිරිසට ආරක්ෂාව ලබා දීමට එරට භික්ෂූන් වහන්සේලාට හැකියාව පවතින බවත්ය. තම ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂක බලඇණියක් යොදවා ඇති බව ඥාණසාර හිමි ඇතුළු නියෝජිත පිරිස අලුයම අවදි වන තුරුත් දැන නොසිටි බවද වාර්තා වේ.

පූජ්‍ය අශින් විරාතු හිමියන් අධිපතීත්වය දරන මැන්ඩලේ නගරයේ විහාරයේ පමණක් භික්ෂූන්වහන්සේලා දෙදහස් පන්සීයකට වැඩි පිරිසක් වැඩ වසන බවද සදහන් වේ.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1607563409263680/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම අවසන් විය යුතුයි- ජනපති

colombotoday

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday

තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේ

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin