Colombo Today Local News

රිස්වාන්ගේ කඩෙන් ටොෆි කෑ ගල්කිස්සේ සිසුවියන් සිහිසුන්ව රෝහලේ.. කඩේ තාමත් විවෘතයි.. පොලිසිය නඩුව යට ගහයි !

මීට දින කිහිපයකට පෙර ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් දෙනෙක් ටොෆී වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව රෝහල් ගත කර තිබුණු පුවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

එම සිසුවියන් “ලව් කැන්ඩි“ නම් එම ටොෆි වර්ගය මිලදී ගෙන තිබුණේ රිස්වාන් නමැති මුස්ලිම් ජාතිකයෙකු විසින් පවත්වාගෙන යන ගල්කිස්සේ වෙළදසැලකින්. අදාල සිදුවීම විදුහල්පතිනිය විසින් ගල්කිස්ස පොලීසියට දැන්වීමෙන් අනතුරුව එම වෙළදසැලේ තිබූ සිසුවියන් කෑමට ගත් වර්ගයේ ටොෆි අටක් පමන් අත්අඩංගුවට ගෙන තිබිණි.

රෝහල් ගතකළ පාසල් සිසුවියන් දෙදෙනා දවස්‌ දෙකක්‌ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබුනද කිසිදු පොලිස්‌ නිලධාරියෙක්‌ ඒ පිළිබඳව විමර්ශනයක් කර නැත. එසේම ටොෆි විකිණූ එම මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනාට කිසිදු නීතිමය පියවරක්‌ ගෙන නොතිබීමද විශේෂ කරුණකි. මෙම වෙළඳසැළ වැටලීමෙන් පසු පැය කිහිපයක්වසා තැබූවද පසුව යළි සුපුරුදු පරිදි ඔවුහු තම ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇත.

සිදු කරන ලද පැමිණිල්ලට ප්‍රතිචාර නොලැබීම නිසා පාසල් සංවර්ධන කමිටුවේ ලේකම්වරයා විසින් මේ පිළිබඳ දැන ගැනීමට ගල්කිස්ස පොලීසියට ගියද ඔහු එහිදී විශාල ලෙස රස්තියාදුවකට පත්ව තිබෙනවා. පසුව ඔහු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳ විමසා ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසින් “හරියට මොනවද කියලා දන්නේ නැහැ. ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීමට ටොෆි රජයේ රස පරීක්‍ෂකට යැවුවා.”

ස්‌ථානාධිපතිවරයා ඕනෑවට එපාවට දුන් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවුනු ඔහු යළිත් ඉතා කාරුණිකව නිලධාරියාගෙන් වැඩිදුර කරුණු විමසා තිබෙනවා. එහිදී “ළමයින්ට බලෙන් ටොෆි නුදුන් බවත්, සල්ලි දීලා ටොෆි මිලදීගෙන ඇති බවත් එය පී.ආර්. එකකින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.

ගල්කිස්ස පොලීසිය තුල ඉතා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් ඔහු මෙම සිසුවියන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් ඉටු කිරීම පිණිස සටන් කලද ඒ සඳහා ගල්කිස්ස පොලීසිය විසින් කිසිඳු සහයක් ලබා දී නැහැ. මෙම නඩුව පොලීසිය විසින් හිතාමතාම යට ගසන බවට විදුහල පාර්ශවය චෝදනා කර සිටිති.

Related posts

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

colombotoday

මීරිගම අධිවේගය හදන්න මිලියන 75000ක කැබිනට් පත්‍රිකාවක්

Admin

ඉන්දියාවෙන් අපට දුන්න ගිලන්රථ සුපිරියි.. දැන් දොස් කියන අයත් පස්සේ හොදයි කියයි – අගමැති

colombotoday