Colombo Today Local News

“රට කිරිපිටි සමාගමක් මේරට ආක්‍රමණය කරලා, ඇමතිලාටත් වරප්‍රසාද.. දේශීය කිරි කර්මාන්තය අනතුරේ” – ජනපති

ප්‍රධානපෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක් මෙරට කිරිපිටි වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇති බැවින් දේශීය කිරි කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

ඇතැම් මැති ඇමැතිවරුන්ද එම සමාගමේ වරප්‍රසාද භුකිත් විඳින බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී චෝදනා කළ බව රජයේ ආරංචිමාර්ග පවසයි.

එම කිරිපිටි සමාගමේ පැවැති අර්බුදයකදී සමාගම පිහිටි රටේ විදේශ අමාත්‍යවරයා පවා මැදිහත් වී ඇති බවටත්, මෙරට සමහර මැති ඇමැතිවරුන්ද විවිධ වරප්‍රසාද ලබා ගනිමින් එම සමාගමට සහාය දක්වන බවටද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.

එම සමාගමේ මව් ශාඛාවේ අතිරික්ත නිෂ්පාදන ලංකාවට ගෙන්වා වෙළෙඳ පොළේ කිරිපිටි ඒකාධිකාරියක් පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

එයට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත්, වහාම දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

“සරත් විජේසුරිය ටොං පචයෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්.. මහාචාර්යකමටත් ලැජ්ජයි“ – අධිකරණ ඇමති

colombotoday

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin

බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණ වලින් මාව බිය ගැන්වීම සිහිනයක් පමණි – ගෝඨාභය

colombotoday

රාසික්ට ඇප.. සිහල, දෙමළ මුස්ලිම් කවුරුත් ඉන්න රටේ හැසිරෙන්න ඕන විදිහත් මහේස්ත්‍රාත්වරයා කියා දෙයි.

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday