Colombo Today Local News

“පොරොන්දු වූ පරිදිම උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරගන්නවා” රජයෙන් ඇමරිකාවට සහතිකයක්

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් ශ්‍රී ලංකාවේ වාර්ගික හා ආගමික නිදහස පිළිබද කොන්ග්‍රස් මණ්ඩල සභාවේදී කරුණු දක්වමින්

ඉදිරි වසරක – දෙකක අතර කාලය තුළ උතුරු නැගෙනහිර රඳවා තිබෙන රජයේ හමුදා ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන  බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහතිකයක් ලබා දී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා මේ බව සහතික වී ඇත්තේ වොෂින්ටනයේ පවත්වන ලද ‘ශ්‍රී ලංකාවේ වාර්ගික හා ආගමික නිදහස් පිළිබද කොන්ග්‍රස් මණ්ඩල සභාවක’හමුවේ කරුණු දක්වමිනි. “ශ්‍රී ලංකා ආණ්ඩුව තම පොරොන්දුව ඉටු කරනු ඇතැයි” පැවසූ හෙතෙම ඉදිරි “අවුරුද්දක් දෙකක්” අතර කාලයේදී භට පිරිස් ඉවත් කරනු ඇති බවත්, අවශ්‍ය තරමට පමණක් සෙබළුන් රදවා තබනු ඇති බවත් කියා සිටියේය.

තානාපතිවරයා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් අමතන ලද මෙම සභාව මෙහෙයවනු ලැබුවේ ඩැනී ඩේවිස් සහ බිල් ජොන්සන් මන්ත්‍රීවරුන් විසිනි.එම සභාව පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජනපද කොන්ග්‍රසයට වාර්තා කිරීමටයි.

උතුරේ හමුදාව සතු ඉඩම් මුල් හිමිකරුවන්ට ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇතත් බලයට පත්වී වසර එකහමාරක් ගතව තිබුණත් උතුරු නැගෙනහිර හමුදාව සතුවත තිබෙන ඉඩම් මේ දක්වා මුළුමනින්ම නිදහස් කිරීමට කටයුතු කර නැති බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා එහිදී චෝදනා එල්ලකර තිබෙන අතර තානාපතිවරයාගේ පොරොන්දුව පිළිබදවද සැකපල කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් කාරියවසම් තානාපතිවරයා පවසා ඇත්තේ සියලුම පෞද්ගලික ඉඩම් මුදා හැරීමට කැපවී ඉන්නා රජය මේ වනවිට උතුරට වඩා නැගෙනහිර ඉඩම් ජනතාවට ආපසු භාරදී ඇති බවයි.

radiogagana

Related posts

එපා… එපා… මැතිවරණය එපා.. ශුද්‍ර මුල්‍ය ණය උගුලේ හිරවුණු ජනතාවට සහන දෙනු. – සජිත් ප්‍රේමදාස

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ත්‍රස්තවාදීන් සැරිසරන්න ඉඩ දී උන්ව පෙන්වා දුන් මාව ෆේස්බුක් එකෙන් බ්ලොක් කරලා. – ඥානසාර හිමි විදුලි සංදේශන කොමිෂන් සභාවට

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

උතුරු පළාත් සභාව සංහිදියා සළුපිලි උනා දමයි.. උතුරේ සිංහලයන්ට තවත් අංචියක් අදී !

colombotoday