Colombo Today Local News

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල නොවන මට්ටමේ පණිවුඩයක් එවා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉහත පණිවුඩය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනතුරක්ද හොබවන ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මගිනි.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයේ අදහස් හා යෝජනා පිළිගැනීමට සූදානම් බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසුව ඉහත යෝජනාව ඉදිරිපත්ව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතීතයේ සිටම විධායක ජනාධිපති ධුරයට එරෙහිව ක්‍රියාකළ අයකු බවත් මේ අවස්ථාවේදී ජාතික රජය එය අහෝසි කිරීමට ක්‍රියාකරන්නේ නම් සාකච්ඡා කිරීමට ඔහු සූදානම් බවත් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ය.

Lakbima

Related posts

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday