Colombo Today Local News

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

ගුවන් යානා විසි පහකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත නෞකාවක් සමසග ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක් ඊයේ (27) කොළඹ වරායට පැමිණියේය.

යූ එස්‌ එස්‌. නිම්ට්‌ස්‌, යූ එස්‌ එස්‌ ප්‍රින්ස්‌ටන්, යූ එස්‌ එස්‌. හොවාර්ඩ්, යූ එස්‌ එස්‌ ශවප්, යූ එස්‌ එස්‌ පින්ක්‌නේ සහ යූ එස්‌ එස්‌. කිෂි යන මෙම නැව් අඟහරුවාදා (31 දා) දක්‌වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද මෙමගින් දෙරට අතර පැවැති CARA නමැති නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සංකේතවත් කරන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ගුවන් යානා සහිත නිම්ට්‌ස්‌ නෞකාව තට්‌ටු විසිතුනකින් සමන්විතය. මීටර් 333 ක්‌ පමණ දිගය. පුද්ගලයන් 5000 කට නවාතැන් පහසුකම් ඇති මෙම නෞකාවේ මුළුතැන්ගේ මගින් සෑම දිනකම ආහාර වේල් 18,000 ක්‌ සපයන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙහි ජලය ලීටර් මිලියන 1.5 ක්‌ දිනකට නිපදවන බව ද නැවෙහි තිබෙන බාබර් සැලුන් දෙකක්‌ මගින් සෑම සතියකම පුද්ගලයන් 1500 කගේ කොණ්‌ඩය කැපීමේ පහසුකම් ඇතැයි ද පවසන මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා මෙම නෞකා කණ්‌ඩායම මෙරටදී අවශ්‍ය භාණ්‌ඩ සහ සේවාවන් මිලදී ගැනීම මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක වාසියක්‌ මෙම දින හතර තුළදී ලැබෙන බවත් කීය. මෙම නැව්වල නාවිකයන් මෙරට රැඳී සිටින කාලයේදී රෝහල්, පාසල්, අනාථ නිවාසවල ප්‍රජා සේවයේ නිරත වන බව ද කේෂාප් මහතා පවසයි.

Related posts

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday