Colombo Today Local News

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

ඉඩම් මැනීම නවතා වට්ටුවාක්කල් පාලම අසල නාවික හමුදා කඳවුරට අයත් භූමියේ ඇති සිය මුල් ඉඩම් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් වට්ටුවාක්කල් පාලම මත හිඳගනිමින් පිරිසක් ඊයේ (26) විරෝධතාවක් කළහ.

වට්ටුවාක්කල් පාලම අසල නාවික හමුදා කඳවුරට අයත් භූමියේ මුල් ඉඩම් තමන්ට ලබාදෙන ලෙස මීට පෙර එහි මුල් අයිතිකරුවන් බව කියන පිරිසක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි.ඒ අනුව මිණින්දොරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ ඉඩම් මැනීමට සැරසෙන අවස්ථාවේදී මැනීම් කටයුතු නවතා සිය මුල් ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.

විරෝධතාව හේතුවෙන් ගමනාගමන කටයුතුවලටද බාධා ඇති වූ අතර අදාළ විරෝධතාව හේතුවෙන් මැනුම් කටයුතුද නවතා දැමීමට අදාළ නිලධාරීහූ පියවර ගත්හ.

මේ සම්බන්ධයෙන් ලබන 10 වැනිදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වෙන දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට ඉදිරිපත් කර විසඳුමක් ලබා ගන්නා ලෙසට එම අවස්ථාවට පැමිණි මුලතිව් පොලිසිය දැනුම් දුන් අතර ඉන්පසු විරෝධාතාව නතර කෙරිණ.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් මහතාද සහභාගී විය.

Related posts

සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

Admin

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක්

colombotoday

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

colombotoday

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday