Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කෙරෙන සියලු ප්‍රයත්නයන් අත්හරින ලෙස ඉල්ලා කොළඹ හා ඒ අවට ප්‍රදේශවල වැඩ සිටින මහ නායක හිමිවරුන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඊයේ (24දා) භාර දී තිබේ.

අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහ නායක පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, බළන්ගොඩ සෝභිත, දිවියාගහ යසස්සි, වැලමිටියාවේ කුසලධම්ම, ගෝනදූවේ ගුණානන්ද, නාකුලුගමුවේ පේමතිලක, පල්ලත්තර සුමනජෝති, අකුරටියේ නන්ද, යටියන ඥානාවාස ඇතුළු නාහිමිවරුන් මෙන්ම මහාචාර්ය අගලකඩ සිරිසුමන, වාද්දුවේ ධම්මාවාස, නෙළුම්දණ්ඩේ විමලසාර, මහාචාර්ය මැදගම්පිටියේ විමලසිරි, තලල්ලේ චන්දකිත්ති, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද, වල්පොළ ගෝතම යන හිමිවරුන් ඇතුළු සියක් නමක් ඉක්ම වූ මහා සංඝ රත්නයේ අස්සනින් යුතුව එම ලිපිය යොමුකොට ඇත.

වර්තමානයේ උද්ගතවෙමින් පවතින ජාතික අවදානම් සහගත තත්ත්වය පිළිබඳ රටවැසි ජනතාව හා සියලු මහජන නියෝජිතයන් දැනුවත් කරමින් මේ ව්‍යවස්ථා යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීම උදෙසා අදාළ බලවේග පෙළ ගැස්වීමට මහා සංඝ රත්නය ඇතුළු ආගමික නායකයන් නොපමාව දායක වන බවද එම ලිපියෙන් අවධාරණය කොට තිබේ.

පෞද්ගලික හෝ දේශපාලන අරමුණකින් තොරව එම මැදිහත්වීම සිදු කරන බව අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහ නායක පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නාහිමියෝ සඳහන් කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා මෙය අවස්ථාවක් නොවන බවත් ව්‍යවස්ථා සංශෝධනයකට අරමුණු කෙරෙන්නේ නම් එය මැතිවරණ ක්‍රමය සංශෝධනයට පමණක් සීමා කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පෙන්වා දෙන කරුණුවලට මතුපිටින් විවේචනය නොකොට මහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස සමඟ කතිකාවක යෙදෙන ලෙසත් එවිට සියලු දෙනා සිටින ස්ථාවරයන් පිළිබඳ වැටහීමක් ලබා ගත හැකි බවද ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළහ.

Related posts

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක්. යුද හමුදාව වෙඩි තියයි

colombotoday

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතියට

colombotoday

අතුරුදන්වූ පනත සම්මත වූදා එජාපය එක්ක දැමූ ඩීල් එක ගම්මන්පිල හෙළි කරයි

colombotoday

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

Admin