Colombo Today Local News

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

තාක්‌ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කර ලංකා විදුලිබල මණ්‌ඩලය සඳහා රුපියල් බිලියන 03 ක්‌ වැනි අති විශාල මුදලකට ඩීසල් විදුලි ජනන යන්ත්‍ර 50 ක්‌ ඉන්දීය සමාගමකින් මිලයට ගැනීමට විදුලිබල අමාත්‍යාංශ බලධාරීන් තීරණය කර ඇත.

විදුලිබල මණ්‌ඩලයේ ආරංචි මාර්ග දක්‌වන්නේ තාක්‌ෂණ කමිටුව එම ඉන්දීය සමාගම නිර්දේශ කර නැති බවයි.

විදුලිබල අමාත්‍යාංශ බාලධාරීන්ගේ මේ තීරණය ගැන දේශීය සමාගමක්‌ ඉදිරිපත් කළ අභියාචනයද අමාත්‍යාංශය මඟින් ප්‍රතික්‍ෂේප වී ඇත.

විදුලිබල මණ්‌ඩලයේ සේවක ආරංචි මාර්ග දක්‌වන්නේ මෙම සිද්ධිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි අවධානයට යොමුවිය යුතු බවය.

මෙම ඉන්දීය සමාගම නිසි ටෙන්ඩර් අවශ්‍යතා සම්පූර්ණ කර නැහැ. මේ නිසා තාක්‌ෂණික ඇගයිම් කමිටුව එම සමාගම ප්‍රතික්‍ෂේප කර තිබුණා යෑයි එම ආරංචි මාර්ග හෙළි කළේය.

මේ නිසා රුපියල් බිලියන 03 ක ඩීසල් ටෙන්ඩරය ගැන පූර්ණ පරීක්‌ෂණයක්‌ කරන්නැයි සේවක අංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Related posts

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday

ඇස් ඇරලාවත් බැලුවේ නැති දුව ගිනි තියාගත්තා කියන්නේ කොහොමද? මුස්ලිම් ඩොක්ටර් සැක බව ඉෂාලිනිගේ මව කියයි.

colombotoday

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin