Colombo Today Local NewsUncategorized

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ඉල්ලීම් නොතකා හරිමින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නව ව්‍යවස්ථාව ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත්, උණ්ඩයෙන් නොව ගිවිසුම්වලින් රට නැවත බෙදුම්වාදය දෙසට ගෙන යෑමට උත්සහා කරමින් සිටින මෙම තීරණාත්මක අවස්ථාවේ, සියලු දේශප්‍රේමීන්, ජාති, ආගම්, පක්ෂ හා පටු වාද බේද වලින් තොරව රට වෙනුවෙන් සිට ගතයුතු යැයි විශේෂ ප්‍රකාශයක් කරමින් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අවධාරණය කරති.

අන් සියළු මාතෘකා දෙවැනි තැන තබා මේ මොහොතේ ව්‍යවස්ථාව ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කළ යුතු බවත්, ඊට එරෙහිව පෙනී සිටින විද්වතුන්ගේ මතය තව තවත් සමාජගත කිරීමට හැකී සෑම අයුරකින්ම කටයුතු කරන ලෙසත් දෑහිතකාමී තරුණ පිරිස්වලින් උන්වහන්සේ ඉල්ලා සිටිති.

මෙම තීරණාත්මක අවස්ථාවේ ජාතිකවාදී, දේශප්‍රේමී මත දරණ පිරිස්, සංවිධාන, මෙන්ම මහා සංඝරත්නය අතරේද බෙදීම් ඇති කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි බවද උන්වහන්සේ පෙන්වා දෙයි. දේශපාලකයන්ගේ නොව, දේශප්‍රේමී විද්වතුන්ගේ හඩට කන් දී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවල නාහිමිවරුන් මෙම අර්බුධකාරී තත්ත්වයෙන් රට ගලවා ගැනීමට නායකත්වය ගන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති.

ඥාණසාර හිමියන්ගේ විශේෂ ප්‍රකාශය පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1995427784060028/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

colombotoday

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday