Colombo Today Local News

මහා සංගරත්නයේ නියෝගයට අගමැති කිපෙයි.. මාධ්‍යටත් අභියෝග කරයි (Video)

යෝජිත නව ව්‍යවස්ථාවට මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විරෝධය දැක්වීමට තීරණය කරන ලදැයි ඇතැම් මාධ්‍ය අද (19) දා වාර්තා කර තිබූ ප්‍රවෘත්තිය අසත්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද පැවති වැඩසටහනකදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව පැවසීය.

මල්වතු මහ නාහිමියන්ගෙන් තමන් මේ පිළිබදව විමසා සිටි බවත්, උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකළ බව තමාට පැවසුවේයැයිද වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය. ජාතික පුවත්පත් කිහිපයක් මාධ්‍යට පෙන්වමින් අගමැතිවරයා සදහන් කළේ මල්වතු නාහිමියන් ව්‍යවස්ථාවට විරුද්ධත්වය ප්‍රකාශ නොකර තිබියදී උන්වහන්සේගේ ඡායාරූපය යොදාගනිමින් එම පුවත්පත් වැරදි ප්‍රවෘත්ති පලකරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අගමැතිවරයා එසේ පැවසුවද ඊයේ (18) මහනුවර දළදා මාළිගාවේ රන් ආයුධ මණ්ඩපයට රැස්වූ අස්ගිරි – මල්වතු උභය විහාරීය කාරක සංඝ සභාව නව ව්‍යවස්ථාවට විරෝධය දැක්වීමට ඒකමතිකව තීරණය කර තිබිණි. ඒ පිළිබදව උභය විහාරීය අනුනාහිමිවරුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන අයුරු රටටම දැකගැනීමට හැකිවිය. අදාළ රැස්වීමට මල්වතු මහා නාහිමියන් වෙනුවෙන් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් සහභාගී වී තිබිණි. උභය විහාරීය සම්ප්‍රදාය අනුව කාරක සංඝ සභාවේ මතය මහ නාහිමියන්ගේද මතය වෙයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1590197427685196/” width=”550″ height=”400″ onlyvideo=”1″]

මහා නාහිමිවරුන්ගේ මතය

Related posts

ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කල මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

ශ්‍රී.ල.නි.පයේ පා.මන්ත්‍රී වැටුපත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරයි

colombotoday

ජීව උණ්ඩ 100ක් සමග අත්අඩංගුවට ගත් අමෙරිකන් ජාතිකයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

colombotoday