Colombo Today Local News

වීරවංශ මැදුරේ මරණය ගැන නඩු තීන්දුව දෙයි.. කල්තියා තීන්දු දෙන්න ගිය රන්ජන්ට වැඩ වරදී (Video)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේ සිටියදී ලහිරු ජනිත් නම් තරුණයා හදිසියේ මිය යාම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිව ඇත්තේ එම තරුණයාට කිහිප පහර දීමක් හෝ අභ්‍යන්තර රුධි වහනයක් සිදුව නැති බවයි.

මෙම මරණයට හේතුව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් බවද නඩුවේ තීන්දුව වූයේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් එම නඩුවේ නීතීඥයින් සදහන් කලහ.

මේ සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ කිරීම හේතුවෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව අපහාස නඩු ගොනු කරන බවද ඔවුන් එහිදී කියා සිටියහ.

කාන්තාවන්ට සම අයිතිවාසිකම් දීමට කතා කරන ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන්ගේ නිර්දය විවේචනයට විමල් වීරවංශ ගේ බිරිය ශෂී වීරවංශ හා දියණිය ලක්වූ බවද නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත මාධ්‍ය හමුවේදී පැවසීය. නඩු විභාගයද අවසන් වී ඇති නමුත් පෙරකී ඇමැතිවරයා කිසිදු වග විභාගයකින් තොරව ඔහු කළ ප්‍රකාශ පිළිබඳවත් එවැනි ප්‍රකාශ කළ මොහු වැනි දේශපාලනඥයන් හා පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස්කරමින් සිටින බවත් නීතිඥවරයා පැවැසුවේය.

Related posts

ජනවාරි 8 කළු සිකුරාදා ලෙස නම් කරයි.. ගම්මන්පිල සහ සගයොත් කළුපැහැ ගනී

colombotoday

අන්තවාදි කරුණු 25ක් පිළිබඳව ඥානසාර හිමි විසින් දැනුවත් කළ ද පසුගිය ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් කර නෑ

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

colombotoday

එස්.බී. හා ඩිලාන් එක්කයි දේශපාලනය කලේ. චතුර සේනාරත්නගේ අලුත්ම එක මෙන්න

colombotoday

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday