Colombo Today Local News

බදියුදීන් ඥාණසාර හිමියන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි.. නඩුව අද කොළඹ මහාධිකරණයේ

තම මෙහෙයවීමෙන් විල්පත්තුවේ වන විනාශයක් සිදු කරන බවට කළ ප්‍රකාශයක් නිසා තම කීර්ති නාමයට අපහාස වූයේ යැයි පවසමින් අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණු කළ නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනාන්තරය විනාශ කරමින් ජනපද ඉදිකරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුල් වරට හෙළිදරව් කළේ 2013 වසරේදීය.

එහිදී තමාගේ නමට අපහාසයක් සිදුවූ බව කියමින් අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා අපහාස නඩුවක් ගොණුකර තිබෙන අතර ඊට අදාළව අවසන් නඩු විභාගය සිදුව ඇත්තේ මීට වසර දෙකකට ඉහතදීය.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් නීතීඥ හේමක සේනානායක නඩුවට පෙනී සිටී.

Related posts

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

colombotoday

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක්. යුද හමුදාව වෙඩි තියයි

colombotoday

විමල්ගේ උපන්දින සාදය – Photos

colombotoday

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday