Colombo Today Local News

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින්, කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටි බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්  අග්‍රමාත්‍ය කාර්යාලය මේ බව පෙන්වා දී තිබේ.

ජනවාරි 08 වන දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීමට හෙයින්, රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිලිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බව ද, ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් එම නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

Related posts

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday

ජෙරම් අදත් CID යට එයි

Admin

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

මැරෙන්න මොහොතකට පෙර හෝ ඥානසාර හිමිට කල අසාධාරණයට විපාක ලැබෙයි – දියසෙන්පුර විමල හිමි

colombotoday