බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මියෙන්මාර් සංචාරයට සමගාමිව, ඉදිරියේදී ඇරබීමට නියමිත “ලෝක බෞද්ධ සහයෝගිතා සංවිධානයේ” මුලික වටයේ සාකච්චා ඊයේ (1වනදා) දින මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි සමග සිදු කෙරුනා.
අද (2වනදා) දින 969 සංවිධානයේ විශේෂ රැස්වීමක ප්‍රධාන දේශනය සිදුකිරීම සදහා ඥානසාර හිමි සුදානමින් සිටින අතර හෙට දිනයේදී උතුරු මියෙන්මරයේදී 969 සංවිධානයේ ප්‍රධාන රැස්වීමක් ඇමතීමටද සුදානමින් සිටින බව colombotoday.com මියෙන්මාර් වාර්තාකරු චාමර නුවන් මහතා සදහන් කර සිටියා.