Colombo Today Local News

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ පවරා ගැනීමට ඉන්දියාවේ විශාලතම ගුවන්තොටුපළ මෙහෙයුම්කාර සමාගම වන “හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාගම“ ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

තම සමාගමට හම්බන්තොට මත්තල ගුවන්තොටුපළ හිමි වුවහොත් එම ගුවන් තොටුපල ජාත්‍යන්තර වාණිජ කටයුතු සඳහා යොදාගැනීම සදහා අවශ්‍ය සංවර්ධනය කරන බවත්, හරිත ගුවන් තොටුපලක් ලෙස එය පවත්වාගෙන යමින් වියදම් අඩු කර ලාබ ලබන තත්වයට පත් කල හැකි බවත් සමාගමේ ප්‍රධානී එස්‌.ජී.කේ. කිෂෝර් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මත්තල ගුවන්තොටපල ඇමරිකානු ඩොලර් මිලියන 205කට වසර 40ක කාලයක් සදහා පවරා ගැනීම ඉන්දීය සමාගම ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

ජාතියේ මුදුන්මල්කඩ අභියසදී ජනපති ගෝඨාභය හෙට වැඩ අරඹයි !

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගල නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි මංගල බලපෑම් කරලා..කොමිසමේ දී හෙළිවේ

colombotoday

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin