Colombo Today Local News

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ !

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලු ම කෘෂිකාර්මික භාණ්ඩ සහ තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ‍්‍රයේ පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, රටේ දිළිඳුකම තුරන් කරමින් රට යළි ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන, ජාති, ආගම් සහ සංස්කෘතික බේදයකින් තොරව රටේ සියලු පුරවැසියන් එක්විය යුතු බව අවධාරණය කළේය.

Related posts

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday

පාරිභෝගික ද්‍රව්‍ය දෙකක ආනයන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

colombotoday

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday