World

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ කැනඩාවත් හොල්ලයි.. මෝටර් රථයකින් හප්පා, පිහියෙන් ඇන පලා යයි !

කැනඩාවේ, එඩ්මන්ටන් හි සිදුවූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෝමාලියාවේ උපත ලබා, කැනඩාවට පැමිණි 30 හැවිරිදි සංක්‍රමණිකයෙකු සිද්ධිය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට පත්ව තිබුණි.

මොටර් රථයක් පදවාගෙන පැමිණි මෙම පුද්ගලයා මාර්ගයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු සිය මෝටර් රථයට යට කිරීමෙන් අනතුරුව පිහි ඇණුම් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙම පිහි ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇත. මහමග ගමන් කළ පදිකයන් සිව් දෙනෙකුද ඔහුගේ පිහි ඇණුම්වලට ගොදුරුවී ඇති අතර, පොලිස් නිලධාරියාටද ඔහු පිහි ඇණුම් සිදුකර තිබේ.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව අවධාරණය කළ අතර, ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ මෝටර් රථයේ තිබී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට අයත් ධජයක් හමුවූ බව පොලීසිය පවසයි.

යුරෝපය වෙත පැමිණි සංක්‍රමණිකයන් අතර සිටින හුදකලා වෘක්කයන්ගේ ප්‍රහාරවලට මේ වනවිට යුරෝපය මුහුණදෙමින් සිටින අතර, සංක්‍රමණිකයන්ට කිරි පෙවීමට ගිය බොහෝ රාජ්‍යයන්හි ප්‍රධාන නගර අද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම යුරෝපය වෙත පසුගිය කාලය පුරා එල්ල වූ IS ඉස්ලාම් රාජ්‍ය හා වෙනත් ජිහාඩ් සංවිධානවල ත්‍රස්ත ප්‍රහාර වඩාත් සංවිධානාත්මකව මෙන්ම, හුදකලා වෘක්කයන් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

Related posts

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් හෙදියකට චෝදනා

colombotoday

ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

Admin

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

colombotoday

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday