World

ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්.. ලාස් වේගාස් ලෙයින් තෙත් වෙයි.. 20ක් මියගිහින්, සිය ගණනකට තුවාල

ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

විශාල පිරිසක් ප්‍රසංගය නැරඹීම සඳහා රැස් වී සිටි බවත් අසල පිහිටි හෝටලයේ 32 වැනි මහලේ සිට ප්‍රේක්ෂකයන්ට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි. ප්‍රහාරය සඳහා තුවක්කු කරුවන් දෙදෙනකු හෝ තිදෙනකු සහභාගී වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ජනප්‍රිය ඇමරිකානු ගායකයෙකු වන ජේසන් ඇල්ඩීන් වේදිකාවේ ගීතයක් ගයමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවි ඇති අතර බියෙන් තැතිගත් දහස් ගනනක් පිරිස හිස් ලූ ලූ අත පලා ගිය බව වාර්තා වේ. ලාස්වේගාස් රෝහලට තුවාල කරුවන් 100 දෙනකු ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ලාස් වේගාස් නගරයට පහර දෙන බව අයි.එස්.අයි.එස් ත්‍රස්ත ප්‍රධානියෙකු වන අබු හම්සා අල් අම්රිකී පසුගිය මැයි මාසයේ වීඩියෝවක් නිකුත් කර තිබුණු බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

[fbvideo link=”https://www.facebook.com/Koththu/videos/798117680380724/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

Admin

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Admin

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

Facebook සමාව අයැදි

colombotoday