Colombo Today Local News

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන ‘නිකාබ්’ සහ ‘බුර්කාව’ ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කිරීමේ නීතිය ක්‍රියාවට නැංවෙයි.

මේ අනුව මින් ඉදිරියට ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේ දී නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන සිටිය නොහැක.

ඔස්ට්‍රියානු ආණ්ඩුව පවසන්නේ තම රටේ සාරධර්ම ආරක්ෂා කරගැනීම සඳහා මෙම නීතිය ක්‍රියාවට නැංවෙන බවය.

මෙම නීතිය බලාත්මක කෙරුණේ මේ මස අග භාගයේ දී ඔස්ට්‍රියානු මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී ය.

ඔස්ට්‍රියානු බලධාරීන් ගත් මෙම පියවර මුස්ලිම් කණ්ඩායම් විසින් හෙළා දකිනු ලැබ තිබේ. ඔවුන් පවසන්නේ ඔස්ට්‍රියාවේ අතිශය සුළු පිරිසක් පමණක් සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරන බවය.

එරට මුස්ලිම් කාන්තාවන් 150 දෙනෙකු පමණ බුර්කාව භාවිත කරන බවට ඇස්තමේන්තු කර ඇත.

ප්‍රංශය සහ බෙල්ජියම ද වසර 2001 දී බුර්කා තහනමක් පනවන ලදී. මේ වන විට නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ද බුර්කා තහනමක් පැනවීම සඳහා කටයුතු කරමින් සිටී.

නිකාබ් සහ බුර්කා ඇඳුම තහනම් කළ යුතු බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් ද ප්‍රකාශ කර තිබේ.

Related posts

මුස්ලිම් ජාතික හිමිකාරත්වයෙන් යුත් මෙල්බර්න් වානෙ කම්බි කම්හලකින් කාල තුවක්කු පතොරම් මතුවේ.

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

අනුරගේ ආණ්ඩුවක් ආ පසු රාජ්‍ය සේවකයන්ට මාලිමා පාක්ෂිකයන්ගෙන් තර්ජනයක්

Admin

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාලිමාවේ ආර්ථික විද්වතුන් හමුවේ

Admin