Colombo Today Local News

ජිනීවා සැසියේ කොටි පිණුම් ගසති.. රජයේ නියෝජිතයෝ “සෙල්ෆි” කෙළිති.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තනිව සටනේ !

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය සඳහා මෙරට සිදුවූ බව කියන යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රජයේ කිසිදු පාර්ශවයක් සහභාගි වී නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වන කණ්ඩායම් 16ක් මෙම සැසියට එක්ව සිටි බව පැවසූ සරත් වීරසේකර මහතා සිය ගෝලිය ශ්‍රී ලාංකික සංසදය රජය නියෝජනය නොකළත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වු බවද කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකවක සදහන් කළේ මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජයට නිල කැදවීමක් කර නොමැති බැවින් රජයේ නියෝජිතයන් කිසිවක් එයට සහභාගී නොවූ බවයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය ලබන 29 වනදා දක්වා පැවැත්වෙයි.

Related posts

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

colombotoday

සිංහල සිසු නේවාසිකාගාරවලත් ප්‍රභාකරන් සමරයි.. යාපන සරසවියේ උණුසුම් තත්ත්වයක්

colombotoday

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

ෆෙඩරල් ව්‍යවස්ථාව පරදන්න චම්පික, විමල්, ගම්මන්පිල එකම වේදිකාවකට !

colombotoday