Colombo Today Local News

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

පොල් මිල ඉහළ යාම නිසා වෙළදපොල තුළ බාල පොල් තෙල් අළෙවි වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන මෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

පොල් මිල සීග්‍රලෙස ඉහළයාම නිසා මේ වන විට වෙළදපොල තුළ පාම් ඔයිල් කවලම්කරන ලද බාල පොල්තෙල් අළෙවි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කළ නීරීක්ෂණයකින්වලින් අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලිපියක් යවමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

එම නිසා අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ

ඒ අනූව පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(ආ) වගන්තිය යටතේ 2016-10-7 සාදන ලද අංක 1987/50 දරණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

අදාල ගැසට් පත්‍රය 2017 මාර්තු මස පළමුදින සිට ක්‍රියාත්මක කළ යුතු වුවද තවම එය කියාත්මක කර නොමැති බවද එහි සඳහන්වේ.

Related posts

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

චම්පිකගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වේ

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday