Colombo Today Local News

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2175කි.

රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1 ක් වන බැවින් එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන1,977 ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මගින් බලය ලබා ගත යුතු වේ.

එයින් 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,308.9 ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668 ක් ලෙසත් ඇස්තමේන්තු ගත කර තිබේ.

Related posts

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

රටේ ව්‍යවස්ථාටවත් යටත් නැති සිංගප්පූරු පුරවැසි දූෂණ චූදිත මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට එපා !

colombotoday

නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් බ්ලුමැන්ඩල් වලදී සොයා ගනී

colombotoday

“රාජපක්ෂ ණය කන්ද පෙන්නලා මෛත්‍රී – රනිල් ජනතාව මුළා කළා” – අනුර දිසානායක

colombotoday

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් ඇමති වීරසේකරගෙන්.

colombotoday

කතානායක අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday