Colombo Today Local News

හමුදාව නිර්දෝෂයි.. හිටපු කොටින්ට විෂ එන්නත් කොකළ බව තහවුරුයි !

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි.

ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින් හට විෂ එන්නත් ශරීරගත කර තිබීම පිළිබද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට උතුරු පළාත් සභා මන්ත්‍රී තවනාදන් මහතා කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් සත්‍යලිංගම් මහතා මේ බව කීය.

“2009 යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදාව වෙත බාරවී පුනරුත්තාපනය ලැබූ කොටි සාමාජිකයින් හට හමුදාව විසින් විෂ එන්නත් ශරීරගත කර තිබෙන බවට චෝදනා එල්ල වුණා.මේ නිසාවෙන් එම කොටි සාමාජිකයින් අභිරහස් ලෙස මරණවලට ගොදුරු වී තිබෙන බවත් තවත් වැඩි පිරිසක් රෝගවලට ගොදුරු වී තිබෙන බවත් පැවසුණා.මේ ගැන උතුරු පළාත් සභාවේද අවධානයට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් තම අමාත්‍යංශය යටතේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත්කර උතුරු පළාතේ දිස්ත්‍රීක්ක පහේම පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් පරීක්ෂාවලට ලක් කිරීමට පියවර ගත්තා.මේ සම්බන්ධයෙන් ඔවුන්ව මාධ්‍ය මගින්ද දැනුම්වත් කළා.ඒ අනුව හිටපු කොටි සාමාජික සාමාජිකාවන් 300 දෙනකු අප විසින් පරීක්ෂා කරනු ලැබුවා.

මේ පරීක්ෂණ වලට අනුව පරීක්ෂාවන්ට ලක්වූ කිසිදු කොටි සාමාජිකයකුට විෂ එන්නත් ශරීරගත වීමක් සිදුවෙලා නැහැ කියල තහවුරු වුණා.පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් වැඩි පිරිසක් පරීක්ෂණ මගහැර සිටියා.ඔවුනට බලකළ නොහැකියි.මෙකී චෝදනාව සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා විසින් තමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.“යැයි ඒ මහතා කියයි.

Related posts

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස ආරක්ෂක වැටක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

Admin

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday