Colombo Today Local News

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඊයේ (11 දා) දහවල් 36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත.

එම ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යටතේ යුද අපරාධ චෝදනාවලට ලක්‌වූවන් එම සම්මුතියට අත්සන් කර ඇති රටවලට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගත හැකි වෙයි.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ බරපතළ ප්‍රකාශ කර ඇත්තේ 2015 දී ශ්‍රී ලංකාව එකඟ වූ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක්‌ ක්‍රියා නොකිරීම නිසා යෑයි පවසා තිබේ. මෙයට සති කිහිපයකට පෙර බ්‍රසීලයේ හිටපු තානාපති ජගත් ජයසූරිය විශ්ව සම්මුතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා බ්‍රසීල නඩු අධ්‍යක්‌ෂවරයාට පැමිණිල්ලක්‌ කරමින් ඉල්ලීමක්‌ කර තිබුණි.

මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ මෙම ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස කර ඇති ඉල්ලීම නිසා යුද අපරාධ චෝදනා එල්ලවී ඇති වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන් 18 කට පමණ විදේශ රටවලට යැමට නොහැකි වේ.

දිවයින

Related posts

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

Admin

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ… නායකත්වය දිමුත්ට

colombotoday

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday

ජරමර අස්සේ මිරිස්කුඩු ප්‍රහාරයක්…

colombotoday