Colombo Today Local News

බස්නාහිර, සබරගමුව, මධ්‍යමට තද වැසි.. ඇහැළියගොඩ අවදානම් කළාපවලින් වහා ඉවත්වෙන්න !

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර් 100-150 ක් පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තු සදහන් කරනු ලැබේ.

බස්නාහිර, දකුණු, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට ඉතා තද වැසි (මි.මි.100-150 ක පමණ) ඇති විය හැකිය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ඇහැළියගොඩ ප‍්‍රදේශයේ අවදානම් කලාපවල සිටින වැසියන් වහාම එම කලාපවලින් ඉවත් වී ආරක්‍ෂක ස්ථාන වෙත ගමන් කළයුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 150ට වැඩි තද වැසි ලැබී ඇති බවයි.

Related posts

වෙළඳ අමාත්‍යංශයෙන් දුන් කොස් කැලේ කඩ ඉවත් කරන්න වන සංරක්ෂණයෙන් නඩු. කොරෝනා අස්සේ අහිංසක මිනිසුන් කබලෙන් ලිපට.

colombotoday

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

ලංකාවම රත්වෙයි… කුරුණෑගල උණුසුම් සෙල්සියස් අංශක 38ට නගී…

colombotoday

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday