Colombo Today Local News

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

    පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබේ.

    පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ව්‍යාපාරිකයාගේ බිරිද විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    අලුයම 2ට පමණ තිදෙනෙකු පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුලට පැන, රන් අත් පළදනා මුදු ඇතුළු දේපල කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි.

    පහරකෑ ව්‍යාපාරිකයා පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

    Related posts

    ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

    colombotoday

    ‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

    colombotoday

    බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

    colombotoday

    කාදිනල් තුමත් ශ්‍රී දළදා මහ මළුවට එයි… අන්තවාදයට එරෙහිව සිංහල බොදු/කිතුණු, හින්දු, සියල්ල අත්වැල් බැදගනී…

    colombotoday

    වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

    Admin

    වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට පියඹා ආ තහනම් ද්‍රව්‍ය පාර්සල්

    colombotoday