Colombo Today Local News

“මා දමිළයෙකු යන අහංකාරය මට තියනවා..” – ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්

රජයේ අමාත්‍යවරුන් පැමිණ, යුද්ධයක් නොමැති නිසා දැන් උතුරේ සද්දයක් නැති බව පැවසුවද දෙමළ ජනතාව විශාල ගැටළු රැසකට මුහුණ දී සිටින බව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔන්දච්චිමඩම් ප්‍රදේශයේ පසුගිය 03 වන දින පැවැත්වු ජංගම සේවා වැඩසටහනට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මාගේ භාෂාව සහ මාගේ ජාතියට මා දැඩි ආදාරයක් දක්වන්නෙමි. එපමණක් නොව, දමිළයෙකු යන අහංකාරකමද මා හට ඇත. එබැවින්, දෙමළ ජනතාව කුමන ස්ථානයක පීඩාවට පත්වූවත්, ඔවුන් වෙනුවෙන් මා හඩ නගන්නෙමි. මා කිසිවෙකුට භිය නෙමැත. මේ රට තනි ජාතියකට පමණක් අයිති රටක් නොවේ. එක් භාෂාවක් ජාතික භාෂවක් නොවේ. සිංහල සහ දෙමළ භාෂාව මෙරටේ ජාතික භාෂා වේ” යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Tamilwin

Related posts

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

colombotoday

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

1500ක සහනාධාර පොහොර මිටියක් 3400කට විකුණු ව්‍යාපාරිකයාට වැඩ වරදී | ලක්ෂ 18ක පොහොර අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday