Colombo Today Local News

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

දූෂිතයන්ට දඩුවම් දිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ රජයක් බිහිකිරීම සදහා දැන් පසුබිම සැකසෙමින් පවතින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ (02) වැනිදා පැවති “ගමට දිරියක් – රටට බලයක්“ දිරිය පුරවැසි සිමිති දිස්ත්‍රික් සමුළු මාලාවේ තවත් සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

”දැන් මේ පාලකයෝ අපේ රටට කියන්න ඕන කෝටි දසලක්ගෂ ගණනක් මේ රට ණය කළා කෝ ඒ හදපු වත්කම් කියලා. ඒ ණය වලින් තමයි සජින් වාස්ගේ බැංකු ගිණුම හැදුවේ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා බ්‍රවුන්සිල් වල ඉඩම් ගන්නේ. ඇමරිකාවේ ගෙවල් ගන්නේ. මල්වානේ අක්කර 18 ඉඩමක් අරගෙන මාලිගාවක් වගේ ගෙවල් හදලා තියෙන්නේ. ඒ නය වලින් තමයි රවී කරුණානායක ගෙවල් ගන්නේ. නාමල් රාජපක්ෂලා හෙලෝකෝප්ස් සමාගම් ගන්නේ. ඒ දූෂිත වලල්ලේ හැරිසන් ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ කිරිඇල්ල ඉන්නවා. එස් බී දිසානායක ඉන්නවා. ඩිලාන් පෙරේරා ඉන්නවා, ලක්ෂමණ් යාපාලා ඉන්නවා. මේ දූෂිත වලල්ලේ නීතිය පසිදලන අයත් ඉන්නවා. ඒ නිසා තමයි අගෝස්තු මාසේ නඩු අරගෙන මාර්තු මාසයේ 06 වෙනිදාට නඩු කල් යන්නේ. දේශපාලකයෝ මහජන දේපල හොරකම් කළා කියලා හිරේ ගියේ නෑ. ඒ කියන්නේ මහජන දේපල හොරකම් කරලා නැද්ද? දඩුවම් ලබා දිය හැක්කේ දූෂණයයට ලක් වෙච්ච අයට පමණයි. ඒ ජනතා විමුක්ති පෙරමුණට විතරයි. මේ තියෙන්නේ විප්ලවයකට අවශ්‍ය ගර්භාෂයක් තමයි මේ මෝරලා තියෙන්නේ,”

Related posts

පතරොම් හා හෙරොයින් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

DIG නාලක සිල්වා අත්අඩංගුවට… 7 දක්වා රිමාන්ඩ්…

colombotoday

කුල භේදය අවුස්සලා..! TNA මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා..

colombotoday

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

Admin

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin