Colombo Today Local Newsextremism & terrorism activities

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

මියන්මාරයේ ඉස්ලාමීය ජිහාඩ්වාදීන්ට එරෙහිව එරට රජය ආරම්භ කර තිබෙන හමුදා මෙහෙයුම් වහා නවත්වන්නැයි බල කරමින් මඩකලපුව කාත්තන්කුඩි හිදි පසුගිය (01) දා විරෝධතාවක් පැවැත්විණි.

කාත්තන්කුඩි ජුම්මා පල්ලියෙන් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ප්‍ර දේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇති අතර, එහි පැවැත්වුණු දේශනවලින් අනතුරුව හමුදා මෙහෙයුම් නවත්වන ලෙස මියන්මාර් රජයෙන් ඉල්ලා සිටින්නැයි ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදෙන ලදි.

මියන්මාරයේ, රඛීන් පළාතේ වෙසෙන රොහින්ග්‍යා ඉස්ලාමීය ජිහාඩ් මූලධර්මවාදීන් මියන්මාර පොලිස් ස්ථාන 30කට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියකට ප්‍රතිචාර දක්වමින් මියන්මාර රජය සන්නද්ධ මෙහෙයුම් අරඹා ඇති අතර, ඒ හේතුවෙන් හතලිස්දහසක පමණ රොහින්ග්‍යා ඉස්ලාමීය ජාතිකයන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශය වෙත පළාගොස් ඇත. හමුදා ප්‍රහාරවලින් අන්තවාදී කල්ලි සාමාජිකයන් 400කට වැඩි පිරිසක් මරා දමා ඇතැයිද මියන්මාර් රජය ප්‍රකාශ කර ඇත.

රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාව මියන්මාරය තුළ තම අයිතිවාසිකම් ඉල්ලා සිටියත්, මියන්මාර රජය අවධාරණය කරන්නේ මොවුන් බංග්ලාදේශයෙන් අනවසර සංක්‍රමණිකයන් ලෙස මියන්මාරයට ඇතුළු වී ඇති පිරිසක් බවයි. එම පිරිස ස්වදේශක බෞද්ධ ප්‍රජාවට එරෙහිව දියත්කර ඇති ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙත් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇතිව තිබේ.

ඉස්ලාමීය අන්තවාදය තම රටේ ආරක්ෂාව බරපතල තර්ජණයක් වී ඇති බැවින් කොතෙකුත් බලපෑම් පැමිණියද හමුදා මෙහෙයුම් නතර නොකරන බව මියන්මාර් රජය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී.. එක් දරුවෙක් මරුට

colombotoday

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday