සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.