Colombo Today Local News

“නාමල් බේබිලාගේ වැඩ තව මාස 2කින් රටම දැනගනී.. හොරකම, දූෂණය අපි නතරකළා” – තලතා

ඒකාබද්ධ වික්ෂය නමින් මහින්ද කල්ලියක් හදාගත්තේ තමන්ට තියෙන චෝදනාවලින් බේරෙන්නට බවත් එහෙත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් විඳින්න සිදු වෙන බවත් අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ අදහස් දැක්වූයේ පසුගියදා අම්පාර දිස්ත්‍රික්කය ආවරණය කරමින් පැවැති ශ්‍රමික සුරැකුම් ජංගම සේවය වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඇය මෙසේ පැවසුවාය.

අපි කිව්වේ නෑ කාටවත් තාජුඩීන් මරන්න කියලා. කාටවත් අයථා විදියට මුදල් පරිහරණය කරන්න කියලා. අපි කිව්වේ නෑ කොමිස් ගහන්න කියලා. හමුදාවේ නිලධාරීන් දාලා වැලි කොට්ට පුරවලා රජයේ මුදල්වලින් රේස් පදින්න කිව්වේ නෑ. නාමල් රාජපක්ෂ මහත්තයාලා දඩයම් කරන්න ඕනි නම් ඕනි තරම් ක්‍රම සහ විධි තියෙනවා. අද මේවා සිදුවන්නේ නිවැරැදි ක්‍රමවේදයකට පරීක්ෂණ පැවැත්වෙනවා.

පරීක්ෂණ අවසන් වූ පසු නඩු පවරන්න නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරලා තියෙනවා.
මමත් අහගෙනයි කෙනෙක් කියනවා මගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කළේ වහලේ ගැන කියලා. මම දන්නේ නැහැ ඒ පවුලේ අයගෙන් මොකක්ද වහලයක් ගැන අහන්න තියෙන්නේ කියලා. ඇතුළට ගිහින් එළියට එනකොට ඕනිම දෙයක් කියන්න පුළුවන්. ඒ තිබිච්ච හැම එකක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ කෙරෙන කොට රටේ ජනතාව දැනගනියි සැබෑ තත්ත්වය. අද අපිට බය නැතිව කොන්ද කෙළින් තියාගෙන මේ ආණ්ඩුව යහපාලනය ස්ථාපිත කළා. මේ රටේ හොරකම, වංචාව, දූෂණය නතර කළා කියලා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයට දායක වුණු සියලු දෙනාට ආඩම්බර වෙන්න පුළුවන්.

පැමිණිල්ලක්වත් නැතිව කොමිසමට ඇවිත් කරපු ප්‍රකාශයකට අපේ විදේශ කටයුතු ඇමැතිවරයා ඉල්ලා අස්වෙනවා. ඒක අපිට ආඩම්බර විය හැකි තත්ත්වයක්. ඉස්සර අල්ලස් කොමිසමට එන්න කිව්වම නයා කෑවා කියනවා. ඊයේ පෙරේදා ඉඳන් රාජපක්ෂ පවුලේ අය ප්‍රශ්න කිරීම්වලට එෆ්.සී.අයි.ඩී. එකට යන්නේ කොච්චර කාලෙකට පස්සෙද කියලා රටම දන්නවා දඩයම් කරන්න අවශ්‍ය නෑ. අද ඒ අය ඒකාබද්ධ විපක්ෂයක් කියලා කල්ලියක් හදා ගෙන රටේ මතයක් හදාගෙන ඒ අයට තියෙන චෝදනාවලින් බේරෙන්නයි යන්නේ. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.

රවි කරුණානායක මහත්තයට සම්බන්ධ වෙන්නේ එතුමාගේ නම සම්බන්ධ කරලා කරපු චෝදනාවක් සම්බන්ධයෙන්. බැඳුම්කරය සම්බන්ධයෙන් නෙවෙයි රවි කරුණානායක මහත්තයා ඉල්ලා අස්වෙන්නේ. බැඳුම්කර සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙනවා නම් 2008 ඉඳන් අජිත් නිවාඩ් කබ්රාල්, එයාගේ සහෝදරිය, අර්ජුන් ඇලෝසියස්ලා, නාමල් බේබිලා, ඔක්කොම එකතු වෙලා කරපු දේවල් තව මාස දෙකකින් රටම දැනගනියි. බැඳුම්කරය අපි පටන් ගත්ත දෙයක් නෙවෙයි. හැමදාම තිබුණු දෙයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මෙකේ ස්වාධීනත්වය නැතිව ගියා.

Related posts

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි. ස්ථාන මාරුවටත් සූදානම් – නගරදිපති බේරමින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කියයි

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

colombotoday