Colombo Today Local News

20 දකුණේදීත් පරාදයි.. සභාවේ ගුටිකෙළි.. එජාප මන්ත්‍රී සෙන්කෝලය ගෙන වැසිකිළියට දුවයි (Video)

පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය.

පක්ෂව ඡන්ද නොලැබුණු බවත් විපක්ෂව ජන්දය 27 ක් ලැබුණූ බවත් එම පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා පැවසීය.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා සභාවේ සෙංකෝලය රැගෙන වැසිකිළියට දිව ගිය අතර ඒ පසුපස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිව ගියහ.එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරු කරගන්නා අයුරු දැකගන්නට හැකිවිය.

එහිදි සෙංකෝලය කොටස් හතරකට කැඩුණු අතර පසුව එම කොටස් එක්කොට සෙංකෝලය සකස් කළ මන්ත්‍රීවරු පිරිසක් එය සභාවේ යළිත් තැන්පත් කළහ. එම පනතට අදාළ සභාවේ මතය ප්‍රකාශ කෙරුණේ ඉන් පසුවය. සභාව ලබන මස 12 වැනි දා දක්වා කල් තැබිණි.

Related posts

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

colombotoday

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

ගාල්ලේ පාසල් 23 දක්වා වැසෙයි

colombotoday

රවී කරුණානායක හෙට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා- අනුරාධ

colombotoday

වරෙන්තුකරුවකුගේ පිහි පහරින් පොලීසියේ දෙකක් රෝහලේ…

Admin