Colombo Today Local NewsWorld

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් අසල්වැසි බංග්ලාදේශය වෙත පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රොහින්ග්‍යා ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් මියන්මාරයේ පොලිස් ස්ථාන 50කට පමණ පසුගිය සිකුරාදා පහරදී ඇති අතර, ගැටුම් උත්සන්න වී ඇත්තේ ඉන් පසුවයි. මියන්මාර රජයේ හමුදා රොහින්ග්‍යා අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් මියන්මාරයෙන් පලායෑම උත්සන්න වී ඇත.

කෙසේ වෙතත් බංග්ලාදේශ රජය දේශසීමා වසා දමමින් මෙලෙස පැමිණෙන පිරිස් නැවත හරවා යැවීමට කටයුතු කර ඇති අතර, 4000කට අධික පිරිසක් දේශසීමාවෙන් බංග්ලාදේශයට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටස බංග්ලාදේශයෙන් මියන්මාරයට සංක්‍රමණය වූ පිරිසක් වන අතර, ඔවුන් තම පුරවැසියන් ලෙස පිලිගැනීමට බංග්ලාදේශ රජය සූදානම් නැත. මියන්මාර් රජයට ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළනොගනිති. රාඛීන් ප්‍රාන්තයේ බහුතරයක් ව සිටින රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් එරට ස්වදේශික බර්මා බෞද්ධ ප්‍රජාවට එරෙහිව ප්‍රචන්ඩකාරී පිළිවෙතක් අනුගමනය කරන අතර ඒ හේතුවෙන් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇතිව තිබේ.

 

 

 

Related posts

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday