Colombo Today Local News

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණ ද විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව හෝ දේශපාලන කටයුතු කිරිමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

විජේදාස රාජපක්ෂ මහතා සමඟ පෞද්ගලික ආරවුලක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ යහපාලන රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් විශාල පිරිසක්‌ ළඟදීම ඒකාබද්ධ විපක්‌ෂයට එක්‌වෙන බවයි.

මෙම පිරිස වරින්වර ඒකාබද්ධ විපක්‌ෂයට එක්‌වන බවත් මෙසේ පැමිණෙන සංඛ්‍යාව කොපමණදැයි සඳහන් කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. මෙම අයගේ නම් කල්තියා පැවසීමට නොහැකි විවිධ චෝදනා ඉදිරිපත් කර ඔවුන්ගේ පැමිණීම වැළැක්‌වීමට ආණ්‌ඩුව කටයුතු කරන නිසා යැයිද මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.

Related posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

හරව හරව ගහනව.. උඩ පැන පැන ගහනව.. වට්ටලා නැගිට්ටවල ගහනවා.. දිගටම ගහන්න

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin