ඉන්දියාවේ කොල්ලූර් හි ශ්‍රී මුකම්බිකා කෝවිලේ ආගමික වතාවත් සදහා සහභාගී වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) පිටත්වගොස් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ බැංග්ලෝර් වෙත පැමිණෙන අගමැතිවරයා හෙලිකොප්ටරයකින් කොල්ලූර් වෙත පැමිණෙන බවයි. අද (26) පෙරවරු 11ට පමණ ඔහු ආගමික වතාවත් ආරම්භ කිරීමට නියමිත බවද එම වාර්තා පවසයි.
සරස්වතී (මුකාම්බිකා) දේවිය හා ඇයගේ අනිත් වේශය වන දුර්ගා දේවිය වෙනුවෙන් මෙම කෝවිල ඉදිකර ඇති බව පැවසේ.