Colombo Today Local News

බැඳුම්කර කොමිසමට බාරදුන් හඬපටවල වැදගත්ම හඬපට කීපයක් අතුරුදන් !

බැඳුම්කර කොමිසමේ නියෝගයකට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කොමිසමට බාරදුන් දුරකථන හඬපට ලැයිස්තුවේ විමර්ශනවලට වැදගත්ම හඬපට කිහිපයක් අතුරුදන් වී ඇති බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ.

බැඳුම්කර කොමිසම ඊයේ (25) රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.

බැඳුම්කර කොමිසම නියෝග කරනු ලැබුවේ එම දත්ත ලබාදීමට අපොහොසත් නම් අදාළ පද්ධතිය නිර්මාණය කරන ලද පෞද්ගලික සමාගමේ ඉංජිනේරුවෙක් හරහා එම සියලු දත්ත ලබාගැනීමට පද්ධතියේ රහස් කේතය කොමිසමට බාරදෙන ලෙසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු කාමරයේ සිට ගනු ලැබූ සියලුම දුරකථන ඇමතුම්වල හඩපට කොමිසමට බාරදෙන ලෙස බැදුම්කර කොමිසම එම සමාගමට පසුගියදා නියෝග කළේය.

එසේ වුවද ඔවුන් කොමිසමට බාරදුන් හඬපටවල දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයාගේ අංකය සහ ඇමතුම ලබන පුද්ගලයාගේ අංකය මෙන්ම ඇමතුම ලැබුණු වේලාවද සටහන් වී නොතිබූ බව පැවසීය.

කොමිසමේ කටයුතු ආරම්භ වූ මොහොතේ 2015 පෙබරවාරි 27 වන දින බැඳුම්කර වෙන්දේසියේදී මිලදී ගත් බැදුම්කරවලින් බිලියන 02ක වටිනාකමකින් යුත් බැදුම්කර ද්විතීය වෙලඳපොලේදී සේවක අර්ථසාධක අරමුදලට අළෙවි කිරීමට අදාළ හඬපට සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් ප‍්‍රධාන විධායක කසුන් පලිසේන මහතාගෙන් ප‍්‍රශ්න කළේය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට පෙන්වාදුන්නේ එම ගනුදෙනුවලට අදාළ වැදගත්ම දුරකථන සංවාද 04ක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කොමිසමට ලබාදුන් හඬපට ලැයිස්තුවෙන් අස්ථානගත වී ඇති බවයි.

එම දුරකථන සංවාදවල හඩපටවලට කිසියම් පුද්ගලයෙකු හානි කර ඇත්දැයි කොමිසම සිදුකල විමසීමේදී පලිසේන මහතා පැවසුවේ කිසිවෙකු එලෙස හානි සිදුකර නොමැති අතර සියළුම දුරකථන සංවාද තමන් කොමිසමට භාරදුන් බවයි.

කෙසේ වෙතත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඔවුන්ගේ දුරකථන පටිගත කිරීමේ පද්ධතිය මිලදී ගත් පෞද්ගලික සමාගම කොමිසමට පවසා ඇත්තේ “වොයිස් ලොගර්” යනුවෙන් හැඳින්වෙන අදාළ පද්ධතිය දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයාගේ අංකය සහ ඇමතුම ලබන පුද්ගලයාගේ අංකය මෙන්ම ඇමතුම ලැබුණු වේලාවද සටහන් කරගත හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති බවයි.

එසේ එම දත්ත ලබාදීමට අපොහොසත් නම් අදාළ පද්ධතිය නිර්මාණය කරන ලද පෞද්ගලික සමාගමේ ඉංජිනේරුවරයෙකු හරහා සියලු දත්ත ලබාගැනීමට පද්ධතියේ පරිශීලක නාමය සහ රහස් කේතය කොමිසමට බාරදෙන ලෙස ද කොමිසම නියෝග කරනු ලැබීය.

Related posts

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday

ගෝනපොලදී අයිස් සමග කාන්තාවක් STF අත්අඩංගුවට

colombotoday

උසාවි නියෝග නොතකා යාපනේ විරෝධතා.. විරෝධතාකරුවෝ ජනපති වටකරගනී (Video)

colombotoday