නාදුනන පිරිසක් විසින් ඊයේ (24) රාත්රියේ කිලිනොච්චිය උට්ට්රපුලම් හිදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවලා සිදුකර තිබෙනවා.
පොලිසිය සදහන් කරන්නේ අදාළ නිලධාරීන් දෙදෙනාගේ වම් අත් කපා දමා ඇති බවයි.
තුවාල ලැබූ හමුදා නිලධාරීන් දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.