Colombo Today Local News

ඒකාබද්ධයේ හයකට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් අතර පෙරේදා (22) පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප‍්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, පවිත‍්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිප සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම හා පක්‍ෂයේ තීන්දු තීරණ විවේචනය කරමින් මාධ්‍ය හමු පැවැත්වීම හේතුවෙන් මෙම පිරිසට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් සාකච්ඡා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයිද මේ අතර මාධය වාර්තා පල වේ.

Related posts

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

ඡන්දය පත්‍රිකාව ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday