කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ පැවැත්වීමට නියමිත බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මීගොඩ ප්‍ර දේශයේ පැවති රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වරාය නගරය සම්බන්ධ ගිවිසුම සංශෝධනය කර ඇති බවත්, රටට වඩාත් හිතකර වූ තවත් ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත බවත් ඇමතිවරයා කියා සිටියේය.