Colombo Today Local News

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අංගමාලි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අපරාධ රැසකට ද සම්බන්ධ පුද්ගලයින් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම එම ශ්‍රී ලාංකිකයින් ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනිමින් ඉන්දියාවේ අංගමාලි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද අනාවරණය වී තිබේ.

තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

colombotoday