Colombo Today Local News

චෝදනා පහක්.. විජේදාස ගැන එජාපයේ අවසන් තීන්දුව හෙට !

පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට එරෙහිව නඩු කටයුතු ඉක්මන් නොකිරීම, කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය කඩ කිරීම ඇතුළු චෝදනා පහක් සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ උදහස ලක්ව සිටින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (21) දින ගනු ඇතැයි එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

මේ චෝදනා පදනම්ව අමාත්‍යවරයා තම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වීමට නියමිත එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එම චෝදනා පිළිබඳ සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවද සලකා බැලීමට නියමිතය.

“හම්බන්තොට වරාය අරගෙන මිස පස්ස බලන්නේ නැහැ” යනුවෙන් විජයදාස රාජපක්ෂ මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නිවැරැදි කරගැනීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට දක්වා කල් ලබාදී තිබේ.

එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංගයද තෛනිකායික මහා නාහිමිවරුන්ගේ විරෝධය හා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත යටපත් වී ඇතැයිද කියවේ.

Related posts

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

බදියුදීන්ගේ සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමරයක්

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

චන්දිමාල් ගේ උපන්දින පාටියට අවසර දීම. ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday