Colombo Today Local News

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ;තනතුරේ  නම්බුව ආරක්ෂාකරගෙන වහාම ඉල්ලා අස්වෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දන්වා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ සුළු සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය නිසා අගමැතිවරයා මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් අග වන තෙක් ධුරයේ රැදී සිටීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් ඒ අනුව සැපුතැම්බර් අගදී ඔහු ඉල්ලා අස්වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

Related posts

පොහොට්ටුවෙන් ආවොත් ගෝඨාභයට සහයෝගය දෙන්නේ නෑ – ශ්‍රිනිප ස්ථාවරය ජනපති කියයි

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

හිස්බුල්ලාගේ තර්ජනය ඉස්ලාම් නොවන අයට එරෙහිව ‘මිලේච්ඡ ජිහාඩය‘ ළග එන බවට ඉගියක් !

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday