Colombo Today Local Newsextremism & terrorism activities

“දහස් ගණනක් ආයුධ මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ මමයි” – හිස්බුල්ලාගේ රහස් හඩපටයක් පිටවෙයි

ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව වහාම සොයා බලන්නැයි ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

“මම තමයි කොළඹින් දහස් ගණන් ආයුධ ගෙනත් ගමින් ගමට ගිහින් මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ“ යැයි හිස්බුල්ලා අමාත්‍යවරයා විසින් සිය ආධාරකරුවන්ට කරන ප්‍රකාශයක රහසිගත වීඩියෝ පටයක් සමග හින්දු සම්මේලනය මෙම ලිපිය යොමුකර ඇත.

රටේ පැවැත්වුණු යුද්ධය නිමා වීමත් සමග මෙම අවි ආයුධ නැවත ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගත්තේද, නැතහොත් හිස්බුල්ලා අමාත්‍යවරයා වෙත නැවත බාර දුන්නේද, එසේ නොමැතිනම් මෙම අවි ආයුධවලට කුමක් සිදු වී ද යන්න සොයා බලන ලෙස එම ලිපිය මගින් හින්දු සම්මේලනය ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

“මුස්ලිම් තරුණයන් ළගදීම ආයුධ අතට ගනී“ යැයි අමාත්‍ය හිස්බුල්ලා විසින් මීට ටික කලකට පෙර කරන ලද ප්‍රකාශයක් ද මහත් ආන්දෝලනයකට ලක්විය.

හින්දු සම්මේලනය ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය සහ අදාල වීඩියෝව පහත දැක්වේ.

Related posts

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

colombotoday

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday