Colombo Today Local News

නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා !

ශ්‍රී ලංකා නාවික හමුදාවෙ නව නාවික හමුදාපති ධුරය සදහා නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත්කර තිබේ.

නාවික හමුදාවෙන් ඉවත්වී කලක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස සේවය කළ සින්නයියා මහතා වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව නැවත නාවික හමුදා සේවයේ පිහිටවීය. ඔහු යුද සමයේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරක යාත්‍රා සහ ආයුද නැව් විනාශ කරමින් මහගු සේවයක් සිදුකල නිලධාරියෙකු ලෙසද හැදින්වෙයි.

මේ අතර සේවා දිගුවක් මත නාවික හමුදාපති ධුරයේ රැදී සිටි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය ලබන 22 දායින් අවසන් වන බැවින්, ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර තිබේ.

Related posts

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday

VAT වැඩි කළේ ආර්ථිකය ගොඩ ගන්නයි.. ජනතාවට දුක දෙන්න නොවේ

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday